හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිළධාරී වසම් 53 තුළ විවිධ වෘත්තීන්වල නියලෙන පිරිස් සිටින අතර, දැනට පවතින ආර්ථික අර්බුධය හමුවේ, ඔවුන්ගෙන් බහුතරයකට උපයා ගන්නා ආදායම ජීවත් වීම සඳහා ප්‍රමාණවත් නොවේ. ඊට පිළියමක් ලෙස කොට්ඨාසය තුළ අඩු ආදායම්ලාභී පවුල් සමාජිකයන් සදහා ආදායම් මාර්ගයක් ලෙස හදුන්වා දුන් ආහාර විජලනය සහ නිල්කටරොළු මල් විජලනය කර දේශීය විදේශීය වෙළදපොල වෙත අලෙවි කිරීම සාර්ථකව සිදු කරගෙන යනු ලබයි.